
ගාසා තීරයේ සටන් විරාමය දීර්ඝ වෙයි
ගාසා තීරයේ සටන් විරාමය දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
සටන් විරාමයේ පළමු අදියර සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් අනතුරුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ සටන් විරාම යෝජනාවක් යටතේ, තවමත් හමාස් විසින් ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් පිරිසක් ද නිදහස් කිරීමට නියමිත බව සඳහන්.
ස්ථිර සටන් විරාමයක් පිළිබඳ එකඟතාවයකට පැමිණියහොත් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.