ගාසා තීරයේ සහ ඊශ්‍රායල ගැටුමේ දෙපාර්ශ්වයම යුද අපරාධ කර තිබෙනවා – මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්

ගාසා තීරයේ සහ ඊශ්‍රායල ගැටුමේ දෙපාර්ශ්වයම යුද අපරාධ කර තිබෙනවා – මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්

ගාසා තීරයේ සහ ඊශ්‍රායල ගැටුමේ දෙපාර්ශ්වයම යුද අපරාධ කර ඇති බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පවසනවා .

රෆා දේශසීමා හරස් මාර්ගයේදී අදහස් දක්වමින් Volker Türk සඳහන් කරන්නේ ඔක්තෝබර් හත්වැනිදා පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කරන ලද කුරිරුකම් පිළිකුල් සහගත බවත් ඒවායින් දැඩි ලෙස කම්පනයට පත් වූ බවත් ඒවා යුද අපරාධ මෙන්ම ප්‍රාණ ඇපකරුවන් දිගටම රඳවා තබා ගැනීමක් බවත්ය

පලස්තීන සිවිල් වැසියන්ට ඊශ්‍රායලය විසින් ලබා දෙන සාමූහික දඩුවම යුධ අපරාධ වලට සමානවන බවත් එමෙන්ම සිවිල් වැසියන් නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුවන බවත් සඳහන්

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගෘහස්ථ බෝම්බ ප්‍රහාර වලින් විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් මිය ගොස්, ආබාධිත තත්ත්වයෙන් හෝ තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ

ගාසා තීරයට බෝම්බ හෙලීම සිවිල් වැසියන්ට දරාගත නොහැකි හානියක් ලෙසයි වැඩිදුරටත් ඔහු පවසා සිටින්නේ

Share This