ගාසා තීරයේ හමුදා මෙහෙයුමට මාස කිහිපයක් ගත විය හැකියි – ඊශ්‍රායලය

ගාසා තීරයේ හමුදා මෙහෙයුමට මාස කිහිපයක් ගත විය හැකියි – ඊශ්‍රායලය

ගාසා තීරයේ හමුදා මෙහෙයුමට මාසයක්, දෙකක් හෝ තුනක් ගත විය හැකි නමුත් අවසානයේ හමාස් සංවිධානයක් නොමැති වනු ඇති බව ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායල ගුවන් හමුදා මෙහෙයුම් අණ සහ පාලන මධ්‍යස්ථානයේ පැවති මෙහෙයුම් දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

මෙය ගාසා තීරයේ අපගේ අවසාන මෙහෙයුම විය යුතු බවත්, පසුව තවත් හමාස් සංවිධානයක් ඇති නොවිය යුතු බවත් ඔහු පවසනවා

එමෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් හමුදාවට සිය ප්‍රසාදය පළ කර ඇති අතර මීළඟ අදියර, පුළුල් ලෙස අපේක්ෂා කළ ගොඩබිම් මෙහෙයුම ඉක්මනින් පැමිණෙනු ඇති බවයි සඳහන් කරන්නේ

එය කොපමණ කාලයකින් සිදුවනවාද යන්න පැහැදිලි කර නැහැ

ඉදිරි දින දෙක තුළ නෙදර්ලන්ත අගමැති Mark Rutte ගේ සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගේ සංචාරයන් අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන්නේ ගාසා තීරයේ පසුගිය දිනයේදී ඉලක්ක 320ක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි

මෙම ප්‍රහාර උමං මාර්ග සහ මෙහෙයුම් මූලස්ථානය ඇතුළු හමාස් යටිතල පහසුකම් ඉලක්ක කරගත් බව ද සඳහන්

Share This