ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තීව්‍ර කරන බැවින් පලස්තීනුවන්ට රෆා හැර යන ලෙස දන්වයි

ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තීව්‍ර කරන බැවින් පලස්තීනුවන්ට රෆා හැර යන ලෙස දන්වයි

ඊශ්‍රායලය දකුණු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් තීව්‍ර කරන බැවින් තවත් දස දහස් ගණනකට පලස්තීනුවන්ට රෆා හැර යන ලෙස දන්වා තිබෙනවා.

නගරයේ නැගෙනහිර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් දන්වා ඇත්තේ ඊශ්‍රායලය “පුළුල් වූ මානුෂීය කලාපයක්” ලෙස හඳුන්වන පටු වෙරළබඩ ප්‍රදේශයක් වන අල්-මාවාසි වෙත යන ලෙසයි.

ගොඩබිම් ප්‍රහාරයකින් විශාල සිවිල් ජීවිත හානි සහ මානුෂීය අර්බුදයකට තුඩු දිය හැකි බවට එක්සත් ජනපදය සහ අනෙකුත් සන්ධාන අනතුරු අඟවා තිබියදීත්, ඊශ්‍රායලය රෆාහි සැලසුම් සහගත මෙහෙයුම් ඉදිරියට ගෙන යන බව පවසා තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ හමාස් සංවිධානය සිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් පසු දිනම ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කළ හැකි බවයි.

Share This