ගාසා තීරයේදී එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 11ක් මරුට

ගාසා තීරයේදී එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 11ක් මරුට

ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සේවකයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඝාතනයට ලක් වූ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් යුතුකම් සියල්ල සිදුකළ බවයි මහලේකම් Antonio Guterres කියා සිටියේ.

මියගිය අය අතර ගුරුවරුන් පස් දෙනෙකු, නාරිවේද වෛද්‍යවරයකු, ඉංජිනේරුවෙකු, මනෝවිද්‍යාත්මක උපදේශකයෙකු සහ සහායක කාර්ය මණ්ඩලය තිදෙනෙකු ඇතුළත්.

සති අන්තයේ හමාස් සංවිධානය විසින් දියත් කරන ලද හදිසි ප්‍රහාරයට දුන් ප්‍රති ප්‍රහාර නිසා ගාසා තීරය දින ගණනාවක් ඊශ්‍රායල හා හමාස් සංවිධානයේ ගුවන් ප්‍රහාරවලින් පීඩා විඳිමින් සිටිනවා.

Share This