ගාසා හි සරණාගත කඳවුරකට ප්‍රහාරයක්
ගාසා නගරයේ ෂාටි සරණාගත කඳවුරේ අවතැන් වූවන් රැඳී සිටින පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා
ඊශ්‍රායල හමුදාව පැවසුවේ, මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාලනය කරන ලද පාසලක් ලෙස ක්‍රියාත්මක වූ පරිශ්‍රය තුළ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ බෝම්බ හෙලීම වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ