ගැබිණි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් එන්නත
ගැබිණි මවුවරුන්ගෙන් සියයට 75 කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා
එමෙන්ම කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් 32 දෙනකු මේ වනවිට මරණයට පත්ව තිබෙන බවද වෛද්‍යවරිය පවසනවා
මෙය ඉතා භයානක තත්ත්වයක් බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දැනටත් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් 900 දෙනකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් 4200ක් පමණ වාර්තා වී ඇති බවත් සඳහන් කරනවා