ගිනි ගත්ත උක් දඩු ගැන ආණ්ඩුව තීරණයක් ගනී (VIDEO)

ගිනි ගත්ත උක් දඩු ගැන ආණ්ඩුව තීරණයක් ගනී (VIDEO)

ගිනි ගැනීමට ලක්වූ උක් අස්වැන්න මිලදී ගන්නා තුරු සෙවණගල සීනි කර්මාන්ත ශාලාවට ලබාදීම සඳහා උක් අස්වනු නෙළීමෙන් ඉවත් වීමට සෙවණගල ගොවීන් තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ සෙවණගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි බල මණ්ඩලය සෙවණගල ප්‍රජා ශාලාවේදී රැස්වී මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.

සෙවණගල උක් වගා භූමියට කිසියම් පාර්ශ්වයක් විසින් ගිනි තබා තිබුණේ පසුගිය 23 වැනිදායි.

ගින්නෙන් අක්කර 800 ක පමණ වගාබිම් විනාශ වී ඇති බව ගොවීන් පවසනවා.

සිදුවූ විනාශයට සාධාරණය ඉටු කරන ලෙෂ ඉල්ලා සෙවණගල ගොවීන් පසුගිය 30 වැනිදා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව වටලමින් විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ සියලු අස්වනු මිලදී ගන්නා ලෙස ගොවීන් කරන ඉල්ලීම අසාධාරණ බවයි.

Share This