ගුරු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

ගුරු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසම එකඟතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය හඳුන්වා දී කලක් ගත වුවද ගුරු මධ්‍යස්ථානවල පැවති සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කාලයට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම හේතුවෙන් ගුරුවරුන් විශාල පිරිසකට වැටුප් වර්ධක සහ උසස්වීම් ලබාගැනීම ප්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (04) පාර්ලිමේන්තුව හමුවේ මෙම අදහස් පළ කළ අතර වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සරල විභාගයක් පවත්වා එම අවශ්‍යතාවයෙන් ගුරුවරුන් නිදහස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

Share This