ගුරුපත්වීම් ඉල්ලා ඌව පළාත් සභාව අවහිර කරමින් විරෝධතාවයක

ගුරුපත්වීම් ඉල්ලා ඌව පළාත් සභාව අවහිර කරමින් විරෝධතාවයක

ගුරු සේවාවේ පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඌව පළාත් ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් ඌව පළාත් සභාව ඉදිරියේදී අද (22) පවත්වා තිබෙනවා.

ඔවුන් පැවසුවේ ඌව පළාතේ පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් ලෙස සුදුසුකම් සපුරා ප්‍රායෝගික පරීක්ෂණයෙන්ද සමත්ව සිටින තමන්ට මෙම පත්වීම් ලබාදීමට පියවර ගතයුතු බවයි.

මෙම පිරිසට වහාම ගුරුපත්වීම් ලබාදීමට පියවර නොගතහොත් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවද විරෝධකරුවන් ප්‍රකාශ කර සිටියා.

Share This