ගුරුවරුන්ගේ නිවෙස්වල කළු කොඩි එසවෙන දා

ගුරුවරුන්ගේ නිවෙස්වල කළු කොඩි එසවෙන දා

ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රට පුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධාරණය කෙරුණා

රටපුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා

මේ අතර නොවිසඳෙන ගුරු ගැටළුව ගැන live at 8 ප්‍රවෘත්තිවලින්ද අනාවරණය කෙරුණේ මෙලෙසයි

 

Share This