
ගුරුවරුන්ගේ පා ගමනක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! (VIDEO)
ගුරුවරුන් සේවය කරන පාසලේම තම දරුවන් ඇතුලත් කරන ලෙස ඉල්ලා ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද(18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වුණා.
ඔවුන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලට අසලට පැමිණීමේදී පොලිස් නිලධාරීන් විසින් එය වැළැක්වීමට කටයුතු කිරීම නිසා ඇති වූයේ උනුසුම් තත්ත්වයක්.
ගුරුවරුන් සහ පොලිස් නිලධාරින් අතර බහින් බස්වීමක් සිදුවුණා.