ගුරුවරුන්ගේ වර්ජනයට ජනපතිගෙන් රතු එළියක්

ගුරුවරුන්ගේ වර්ජනයට ජනපතිගෙන් රතු එළියක්

සෘජුව හෝ වක්‍රව පාසල් අධ්‍යයන කටයුතු කඩාකප්පල් කරන පිරිස් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව තමා නීතිපති උපදෙස් ඉල්ලූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවයි.

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලු දෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු අතර විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අදාළ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන නොදෙන ලෙස විපක්ෂයෙන්ද ඉල්ලා සිටියා.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේදී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදුකිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි අවධාරණය කර සිටියේ.

Share This