
ගුවන් අනතුරෙ දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා පවසයි. – වෛද්‍ය සිසුන් පස් දෙනෙකුත් මරුට
අහමාදාබාද් ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 204ක් සොයා ගත් බව අහමදාබාද් පොලිස් ප්‍රධානියා පැවසුවා.
ඔහු සදහන් කළේ අනතුර සිදු වූ ස්ථානයෙන් මෙම මළ සිරුරු හමුවූ බවයි.
එයාර් ඉන්දියා ගුවන් යානය වෛද්‍ය නේවාසිකාගාරයකට කඩා වැටීමෙන් පසු වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇති බව සමස්ත ඉන්දීය වෛද්‍ය සංගම් සම්මේලනය (FAIMA) පැවසුවා.
සිසුන් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් අවම වශයෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් එම සංගමය සදහන් කළා.
අහමාදාබාද් ගුවන් අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් කිසිවෙකුත් දිවි ගලවා ගත් නොමැති බව අහමදාබාද්හි පොලිස් ප්‍රධානියා මීට පෙර
පැවසූ බව ඒජන්සි පුවත් සේවය වාර්තා කළා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බීජේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයට එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීමෙන් වෛද්‍ය සිසුන් පස් දෙනෙකු ද මිය ගොස් ඇති බවයි.
මියගිය වෛද්‍ය සිසුන් අතර උපාධි අපේක්ෂකයින් හතර දෙනෙකු සහ පශ්චාත් උපාධි නේවාසිකයෙකු ඇතුළත් වනවා.
මගීන් 230 ක්, කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 242 දෙනෙකු සමඟ එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී සුලු වේලාවක දී යානය කඩා වැටුණා.
ලන්ඩනය බලා පිටත් වූ ගුවන් යානය සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ඇත්තේ පස්වරු 13:38 ටයි.
අහමදාබාද් ගුවන්තොටුපළේ ගුවන් ගමන් අද පස්වරු 4:05 සිට නැවත ආරම්භ කර ඇති බව ඉන්දියාවේ ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවා.