ගුවන් ගමනක් අතරතුර 7කට තුවාල

ගුවන් ගමනක් අතරතුර 7කට තුවාල

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි කැළඹීමකට ලක්වීම හේතුවෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව එම ගුවන් සේවය තහවුරු කර තිබෙනවා .

ගුවන් යානය Honolulu සිට පිටත් වී පැය පහකට පමණ පසු මෙම කැලඹීම ඇති වූ බව හවායි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු CNN පුවත් සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ.

පැය 11කට ආසන්න කාලයකට පසු ගුවන් යානය සිඩ්නි නුවරට ගොඩබැස්සවීමෙන් පසු ගුවන් තොටුපළ වෛද්‍ය නිලධාරීන් තුවාලකරුවන්ට ප්‍රතිකාර කර ඇති අතර ඒ අතර මගීන් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් ද සිටි බවයි පැවසෙන්නේ

තුවාලකරුවන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පිටත් කර හැර ඇති අතර තවත් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This