ගුවන් යානයක් තුළ මියගිය 11 හැවිරිදි දරුවා

ගුවන් යානයක් තුළ මියගිය 11 හැවිරිදි දරුවා

තුර්කියේ ඉස්තාන්බුල් සිට අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළදී 11 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

එම දරුවා ගුවන් යානය තුළ සිහිසුන් වී ඇති අතර එම අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩලය විසින් ඔහුට ප්‍රථමාධාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව තුර්කි ගුවන් සේවයට අයත් අදාළ ගුවන් යානය හංගේරියාවේ Budapest වෙත හදිසියේ ගොඩබැස්වීමට නියමුවා කටයුතු කර තිබෙනවා.

පසුව එම දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති නමුත් ඔහු ඒ වන විටත් මියගොස් සිට ඇති බව සඳහන්.

මෙම සිදුවීම හේතුවෙන් පැය 5කට ආසන්න කාලයක ප්‍රමාදයකින් පසුව අදාළ ගුවන් යානය නැවතත් නිව්යෝර්ක් බලා ගමන් කර තිබෙනවා.

මියගිය දරුවා ආබාධිත අයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්ත කර ඇත්තේ.

Share This