ගුවන්තොටුපොළෙන් හමුවූ අයිස්

ගුවන්තොටුපොළෙන් හමුවූ අයිස්

මැලේසියාවේ සිට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු විශ මත්ද්‍රව්‍ය තොගයක් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

මොහු සන්තකයේ තිබූ සාරී තොගයක සඟවා තිබියදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25ක් වන අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

Share This