
ගොඩබිමට රැගෙන ආ දිවි බේරාගත් ධීවරයා
ඩෙවෝන් 5 බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍යව සිට දිවි බේරාගත් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් අද (01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් තිබෙනවා.
අනතුරව එම ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව සඳහන්.
පසුගිය 6 වනදා තංගල්ල ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා ධීවරයන් 6 දෙනෙකු සමග ඩෙවෝන් 5 යාත්‍රාව ගමන් කර ඇති අතර පසුව ඔවුන් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් මත්පැන් බව යැයි සිතා පානය කර තිබෙනවා.
අනතුරුව ඔවුන් රෝගාතුර වී ධීවරයින් හය දෙනාගෙන් සිව්දෙනෙකුම එම යාත්‍රාවේදී මියගොස් තිබුණා.
අනෙක් ධීවරයින් දෙදෙනා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් මුදවාගැනීමට කටයුතු කළ අතර එහි සිටියදී තවත් ධීවරයෙකු මියගොස් තිබුණා.