
ගොවීන් ගෙන් ආණ්ඩුවේ වී මිලට දොස්
ආණ්ඩුව මෙම කන්නයේදී ද වී සඳහා ඉතා හොඳ මිලක් ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ගොවි සංවිධාන පවසන්නේ වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක සහතික මිලක්වත් අවශ්‍ය බවයි.
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර, පසුගියදා රජය එම වී මිලදී ගැනීම සඳහා රජයේ ගබඩා විවෘත කිරීම ද සිදු කළා.
අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්බලන් ඔය මඩවලලන්ද ප්‍රදේශයේ ද මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර, එම ගොවීන්ද පවසන්නේ වී සඳහා රජය ලබාදී ඇති රු. 120ක සහතික මිල ප්‍රමාණවත් නොවන බවටයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේද මේ දිනවල තැනින් තැන වී අස්වනු නෙලීමේ කටයුතු සිදු කෙරෙන අතර, ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ තෙත වී සඳහා පාලන මිලක් නියම කිරීමෙන් තමන් පීඩාවට පත්ව ඇති බවයි.
මෙවන් පසුබිමක් තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල රජයේ වී ගබඩා විවෘතව නොමැති ආකාරය දක්නට ලැබුණා.
මේ අතර, වී මිල සහ සහල් සම්බන්ධයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ සහල් පාලන මිලට වඩා අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.