
ගොවීන් රජයේ වී මිලට ලතැවෙයි
රජය විසින් ගොවීන්ගෙන් ලබාගන්නා වී වලට ලබා දෙන මිල ප්‍රමාණවත් නොවන බව ගොවීන් පවසනවා.
කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ මොල් හිමියන් පවසන්නේ රජය විසින් ලබාදෙන මිල ගොවීන්ට යම් කිසි ලාභයෙන් අඩුවක් තිබුණද එය පාඩුවක් නොවන බවයි.
අම්පාර ප්‍රදේශයේ සුළු වාරිමාර්ග යටතේ වගාකළ ගොවීන් සිය අස්වනු නෙලා වී වේලීමේ කටයුතු මේ වනවිට සිදුකරනවා.
ඔවුන් චෝදනා කරන්නේ රජයෙන් තමන්ගේ අස්වැන්න මිලදී ගන්නා බව පැවසුව ද මෙතෙක් අම්පාර වී ගබඩාවද විවෘත කර නොමැති බවයි.
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය එලෙස පැවසුවද රජය ලබාදෙන මිල සම්බන්ධයෙන් තමන් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවටයි ගොවි සංගම් පවසන්නේ.
මේ අතර වෙළඳපොලේ පොල් මිලද රුපියල් 50කින් පමණ පහත බැස ඇති බව වෙළෙඳුන් පවසනවා.
පසුගිය කාලයේ වෙළඳපොලේ පොල් මිල රුපියල් 200 මිල සීමාවද ඉක්මවා පැවතීම හේතුවෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.
කෙසේ වෙතත් අප කළ සොයා බැලීමක දී මේ වන විට පොල් මිල රුපියල් 140 සහ 150 මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.