ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං හිදී

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං හිදී

තවත් නොබෝ දිනකින් ඇරඹෙන 2024 බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව නිමිත්තෙන් ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය චීනයේ බෙයිජිං හිදී පවත්වා තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් මෙය සංවිධානය කර ඇති බව සඳහන්.

මෙම සංවාදයේ තේමාව වී ඇත්තේ සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම යන්නයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ද ඇතුලුව ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීන්, රජයේ නියෝජිතයින්, විද්වතුන් සහ මාධ්‍ය නියෝජිතයින් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරවලින් ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා අවධාරණය කළේ, ගෝලීය දකුණේ රටවල් සමඟ සමීප වෙමින් ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල “ගෝලීය දකුණේ” ශක්තියක්  එකතු කිරීමට චීනය සූදානමින් සිටින බවයි.

එමෙන්ම චීන මාධ්‍ය සමූහය, චීනය සහ “ගෝලීය දකුණේ” රටවල් අතර අන්‍යෝන්‍ය සබඳතා සඳහා සුවිශේෂී පාලමක් ගොඩනඟනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා සඳහන් කළේ.

Share This