ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ඉදිරියට

ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ඉදිරියට

ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව නවතම ශ්‍රේණීගත කිරීම් අනුව ඉන්දියාවේ විශ්ව විද්‍යාල වැඩි ප්‍රමාණයක් ලොව හොඳම විශ්ව විද්‍යාල අතරට පැමිණ ඇති බව සඳහන්.

QS Quacquarelli Symonds ගෝලීය උසස් අධ්‍යාපන විශ්ලේෂකයින් විසින් එම ශ්‍රේණීගත කිරීම් සිදු කර ඇති අතර රටවල් 25 කින් ආයතන 856 ක් එම ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව දැන් වඩාත්ම ජනප්‍රිය උසස් අධ්‍යාපන ක්‍රමය හිමි රට බවයි පැවසෙන්නේ.

එලෙස තෝරා ගැනුණු අධ්‍යාපනයෙන් උසස් විශ්වවිද්‍යාල අතර ඉන්දියාවේ විශ්ව විද්‍යාල 148ක් වන බව සඳහන්.

එය ඉකුත් වසරට සාපේක්ෂව සංඛ්‍යාමය වශයෙන් 37ක ඉහළ යාමක්.

චීනයෙන් ද විශ්ව විද්‍යාල 133 ක් තේරී තිබෙනවා.

ජපානයෙන් 96 ක් හා මියන්මාරය, කාම්බෝජය සහ නේපාලය ද අධ්‍යාපනය ක්‍රමයෙන් උසස් විශ්ව විද්‍යාල හිමි රටවල් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

Share This