
ඝාතන වරදකට ඇඹිලිපිටිය අධිකරණයෙන් 10 කට මරණ දඬුවම
ඇඹිලිපිටිය මහාධිකරණ මගින් පුද්ගලයින් 10 දෙනකුට අද (24) මරණ දණ්ඩනය නියම කළා.
අමානුෂික ලෙස පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ පුර්වගාමි විනිසුරු බුද්ධක සී රාගල මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නා.
2011 වසරේ ඔක්තෝබර්11 වැනි දින ඇඹිලිපිට්ය පොලිස් වසමේ මුල්ලෙගස්යාය ප්රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
පිටු 43කන් යුක්ත වූ නඩු තීන්දුව ප්රකාශයට පත් කරමින් අද විනිසුරුවරයා අදාල නියෝගය නිකුත් කළා.
නඩුවට විත්ති කරුවන් 12 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 10 වැනි විත්තිකරු වන සුබසිංහගේ පතිරණගේ නුවන් යන අය සහ 11 වැනි විත්තිකරු වන ජයවීර ආරච්චිගේ සදමාලි නිසංසලා යන අය නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළා.
2011වසරේ දී මුල්ලෙගස්යාය ප්රදේශයේ දී විජේසිංහ ආරච්චිගේ වර්ණ ධම්මික නයන කුමාර(30) යන අය ගල්මුල් වලින්, පොරවකින්, පිහියකින් පහරදී අමානුෂික අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කළ සෙසු විත්තිකරුවන් දස දෙනා සදහ මරණ දඩුවම නියම කරන බව අධිකරණය දැනු දුන්නා.
මේ අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු ඇතුළත් වනවා.
නඩු අංක HCE/14/17 නඩු අංක යටතේ 296 මිනී මැරීම හා අයුතු ජන රාශිය යටතේ ඇඹිලිපිටිය පොලීසිය මගින් චෝදනා ගොනු කර තිබුණා.
