චණ්ඩිපාට්දාපු පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවේ

චණ්ඩිපාට්දාපු පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවේ

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයාව වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම් කාලයේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්දයෙනුයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ පහරදීමෙන් පසු බාල වයස්කරුවෙකු වන පියුමි හංසමාලිගේ පුත්‍රයා ත්‍රී රෝද රථය ඇලකට දමා හානිකර ඇතිබවයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත අතර සැකකරු මේවන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පහර කෑමට ලක්වූ පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක නිරත පුද්ගලයෙකු වන අතර ඔහුගේ බිරිඳ පැවසුවේ පියුමි හංසමාලිගේ පුත්‍රයා කාවිංග මෙම පහරදීම සිදුකර ඇති බවයි. ඇය මෙසේ පවසනවා…
” කලපලුවාව නෙළුම් පෙදෙසෙ දෙසට මහත්තයා නිශාන්ත එනකොට අන්තුරක් වෙලා තිබිලා. එයා ඒක බලන්න උදව්වක් කරන්න ඒක බලලා. පහරදීපු පිරිස හිතලා තියෙන්නෙ මගේ මගත්තයා තමයි එයාලගේ කෙනා හප්පලා තියෙන්නේ කියලා. ඇත්තටම මගේ මහත්තයා මුකුත් කරලා නෑ. එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා. එයා පැහැදිලි කලත් ඒක අහලා නැහැ. හෙල්මට්වලින් ඔළුවට දරුණු විදිහට පහරදීලා. අතටත් වැදිලා තියෙනවා. පියුමිගේ පුතා කාවිංග එක්ක තව පිරිසක් හිටියා කියලා මහත්තයා කියනවා… එයා පහුගියකාලෙ අසනීපවෙලා හිටිය කෙනෙක්.. කාටත් කරදරයක් නැති, කාටත් උදව් කරන කෙනෙක්….”

පහර කෑමට ලක්වූ පුද්ගලයා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන අතර ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

Share This