චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද සඳ මතුපිටට ගොඩ බැස්සවීමට සූදානමින්

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද සඳ මතුපිටට ගොඩ බැස්සවීමට සූදානමින්

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සඳ මතුපිටට ගොඩ බැස්සවීම අද (23) දිනයේ සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය සාර්ථක වුවහොත් දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබස්වන පළමු රට ඉන්දියාව වනු ඇති

ඉන්දියාව අභ්‍යවකාශ යානයක් සඳ වෙත යැවීමේ තුන්වන චන්ද්‍ර මෙහෙයුම මෙය බවත් එය ඉතිහාසගත වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙය සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවටද ඉන්දියාව පත් වනු ඇති

මීට දින කිහිපයකට පෙර රුසියාවේ ලූනා-25 යානය එම කලාපය ස්පර්ශ කිරීමට උත්සාහ කිරීමේදී කඩා වැටුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This