චන්ද්‍රයාන් – 3 නිසා ඉන්දියාවට ලැබුණු සුබ පැතුම

චන්ද්‍රයාන් – 3 නිසා ඉන්දියාවට ලැබුණු සුබ පැතුම

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් සිදුව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන BRICS සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්වුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර ගැටළු පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා.

රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ G20 සහ BRICS තුළ අන්තර්ක්‍රියා මෙන්ම වෙළඳ හා ආර්ථික සහයෝගීතාව, සැපයුම් සහ මූල්‍ය තවදුරටත් වර්ධනය කර ගත යුතු ප්‍රායෝගික පියවර පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බවයි.

චන්ද්‍රයාන් 3 සාර්ථක ලෙස සඳ මත ගොඩබැස්වීම පිළිබඳව ද රුසියානු විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This