චමරිගේ නායකත්ව ඉනිමෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තවත් ජයක්

චමරිගේ නායකත්ව ඉනිමෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තවත් ජයක්

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැති 7 වන තරගය මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 144කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා

එහිදී සිය කණ්ඩායම වෙනුවෙන් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 69කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 14ක් සමගින් ලකුණු 119ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 185ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මැලේසියානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19 යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 40ක් පමණයි

පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් බිද දැමූ අතර කාව්‍යා කාවන්දි සහ කවීෂා දිල්හාරි කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This