චාමර සම්පත් යළි රිමාන්ඩ් කෙරේ

චාමර සම්පත් යළි රිමාන්ඩ් කෙරේ

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා.

ඒ, අද (21) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ‍ඔහුට‍ එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

Share This