චීන අගනුවර මංගල , අවමංගල්‍ය උත්සව නවතයි

චීන අගනුවර මංගල , අවමංගල්‍ය උත්සව නවතයි

පූර්ණ අගුලු දැමීමක් වළක්වා ගැනීම සඳහා චීනයේ අගනුවර වන බීජිං හි පාසල් වසා දමා මංගල සහ අවමංගල්‍ය උත්සව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීජිංහි අධ්‍යාපන කාර්යාංශයට අනුව, සියලුම පාසල්වෙත සිකුරාදා සිට පන්ති අවසන් කරන ලෙස නියෝග කර ඇති අතර, නැවත ආරම්භ වන දිනයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

දකුණු කොරියානු මාධ්‍ය ආයතනයක් වන Airrang වාර්තා කළේ, අගුලු දැමීම් සිදුවිය හැකිය යන බියෙන් ජනතාව වෙළෙද සැල් වෙත රැස්වෙමින් භාණ්ඩ තොග වශයෙන් මිලදී ගනිමින් සිටින බවයි.

මේ අතර ,කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා චීනයේ ෂැංහයි හි පවතින දැඩි අගුලු දැමීම් හේතුවෙන් එහි ජනතාවට තවදුරටත් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ෂැංහයිහි ආහාර ආහාර සැපයුම් දාමයේ බිඳවැටීම හේතුවෙන් ජනතාව‍‍ට ආහාර සපයා ගැනීම පවා අපහසු වී ඇති බව විදෙස් වාර්තාවල සදහන්.

කොවිඩ් අගුලු දැමීම මධ්‍යයේ බලධාරීන් විසින් කල් ඉකුත් වූ ආහාර බෙදා හැරීම හේතුවෙන් ඇතැම් ෂැංහයි වැසියන් විවිධ රෝගවලට ලක්වීමේ සිදුවීම් ද වාර්තා වන බවයි වන Airrang වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

Share This