චීන අමෙරිකා සබඳතාවන්හි විධිමත් හා සුමට ගමනක් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි – චීන ජනපති

චීන අමෙරිකා සබඳතාවන්හි විධිමත් හා සුමට ගමනක් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි – චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුව තිබෙනවා

අද(30) දකුණු කොරියාවේ Busan නගරයේදී එම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වාදී තිබෙනවා

එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන අමෙරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු යැයි ද ඔහු කියා සිටියා

චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ‘අමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළා

දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන්ම අත්කර ගත හැකි බවයි ඔහු කියා සිටියේ.

චීනය සහ අමෙරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු අතර එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා

චීන-අමෙරිකා සබඳතාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සහ දෙරටේ සංවර්ධනයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා එම හමුවේදී ප්‍රකාශ කළා

Share This