
චීන – ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ සාකච්ඡාවල දී එකඟතා රැසක්
චීන – ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී ඇරඹි නවතම සාකච්ඡා වටයේ හමුවට චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, ඇමරිකා පාර්ශ්වයේ ප්‍රධානී භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළඳ නියෝජිත Jamieson Greer මහතා එක්ව තිබෙනවා.
පසුගිය 14 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවති එම සාකච්ඡාවේදී දෙරටේ නායකයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වයේ අවධානයට ලක්වූ ආර්ථික හා වෙළඳ ගැටළු පිළිබඳ අවංක, ගැඹුරු මෙන්ම අර්ථවත් පිළිසඳරක් ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව TikTok සම්බන්ධ ප්‍රශ්න මනා ලෙස විසඳීම, ආයෝජන බාධා අඩු කිරීම, ආර්ථික හා වෙළඳ සහයෝගිතා ප්‍රවර්ධනය යනාදිය පිළිබඳව දෙපාර්ශ්වය එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.
TikTok සම්බන්ධ ගැටළුව පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡාවේ නියෝජිත උප ඇමති Li Chenggang මහතා ඊයේ (15) රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ විද්‍යා හා තාක්ෂණික ගැටළු, ආර්ථික සහ වෙළඳ ගැටළු හා සම්බන්ධ දේශපාලනීකරණයට හා අවිකරණයට ද චීනය විරුද්ධ වන බවයි.
එමෙන්ම මෙම ගැටළු නිරාකරණයට අදාළ ගිවිසුම්ගත වීමක් වෙනුවෙන් මූලධර්ම සහ සමාගම්වල ප්‍රතිලාභ මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය අත්හැරීමට චීනය කිසි විටෙක සූදානම් නොමැති බව ද හෙතෙම කියා සිටියා.
චීන ජාතික අන්තර්ජාල තොරතුරු කාර්යාලයේ උප අධ්‍යක්ෂ Wang Jingtao මහතා ද එම මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේ සාමගම්වල කැමැත්ත හා වෙළඳපොලෙහි මූලධර්මයන්ට ගරු කිරීම මත TikTok හි ඇමරිකා පරිශීලක දත්ත සහ අන්තර්ගත ආරක්ෂණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය භාරදීම සහ ඇල්ගොරිදම් වැනි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් භාවිතයට අවසර දීම ඇතුළු ක්‍රම මගින් TikTok ගැටළුව විසඳීම සඳහා චීනයත් ඇමරිකාවත් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවයි.
මේ අතර, දෙරටේ නායකයන්ගේ එකඟතාව හා පෙර පැවති සාකච්ඡාවන් හි ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාවට නංවමින් ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ මතභේද විසඳා සහයෝගිතා ශක්තිමත් කිරීමට ද දෙපාර්ශ්වය මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා.