
චීන එක්සිම් බැංකුව සමගත් අවසන් එකඟතාවකට එළඹෙයි
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම අවසන් එකඟතාවකට එළැඹ තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුවනු ඇති.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරටට සැලකිය යුතු ණය සහන සැලසෙන අතර අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කිරීමට ද අවස්ථාව හිමි වන බව සඳහන්.