චීන ජනපති රුසියා යද්දී – ජපන් අගමැති යුක්‍රේනයට – බලවත් බව පෙන්වීම ලෝක යුද්ධයකට අත වැනීමක් ද ? –

චීන ජනපති රුසියා යද්දී – ජපන් අගමැති යුක්‍රේනයට – බලවත් බව පෙන්වීම ලෝක යුද්ධයකට අත වැනීමක් ද ? –

ජපාන අගමැති Fumio Kishida යුක්‍රේනයේ ජනාධිපති Volodymyr Zelenskyy හමු වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද(21) දිනයේ යුක්‍රේනයේ Kyiv හි සිදු කරන හදිසි සංචාරයකදී මෙම හමුව සිදු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා සඳුදා ඉන්දියාවේ සිටි අතර අනතුරුව ඔහු ටෝකියෝ වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඒ වෙනුවට ඔහු පෝලන්තයට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්.

ඒ අනුව ඉන් පසුවයි ඔහු යුක්‍රේනයේ යාමට නියමිතව ඇත්තේ.

කාලයක සිට යුක්‍රේනය සහ රුසියාව යුද්ධයක පැටලී ඇති මොහොතක ලෝකයේම අවධානය ඒ වෙත යෙමු වී තිබෙන්නේ, එයට රටවල් රැසක් වක්‍රාකාරයෙන් සහය පළ කිරීමත් සමගයි.

ඒ අනුව චීන ජනාධිපති Xi Jinping රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණම එහි දිගුවක් ලෙස දැක්වීමේ හැකියාව පවතිනවා.

රුසියානු ජනාධිපති Vladimir Putin සමග සකච්ඡා පැවැත්වීමේ අරමුණින් චීන ජනාධිපතිගේ මෙම සංචාරය සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් Vladimir Putin අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවක චීන ජනපති මෙලෙස රුසියාවේ සංචාරයක නිරත වීම ද විශේෂත්වයක්.

මෙවන් පසුබිමක, රුසියාව විසින් යුක්‍රේනයේ සිදු කරන “යුද අපරාධ” නැවැත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට බලපෑම් සිදු කරන ලෙස අමෙරිකා එක්සත් ජනපදය චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය සීතල යුද්ධයක නිරතවන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටයි.

ආර්ථික වශයෙන් ඔවුන් ලොව ප්‍රමුඛයා වීමේ අරමුණින් ආර්ථික යුද්ධයක නිරතවන අතර ඊට අදාළව ගෙන යන වැඩපිළිවෙලක එක කොටසක් ලෙස TIKTOK තහනම පෙන්වා දීමට හැකියාව පවතිනවා.

මීට පෙර අමෙරිකාව විසින් චීනයට එල්ල කළ දැවැන්ත ආර්ථික ප්‍රහාරයක් වූයේ Huawei සමාගමේ ජංගම දුරකථනවලට Google පහසුකම ලබා නොදීමයි.

චීනයේ දුරකථන සහ විවිධ App එසේ නොවේනම් ජංගම දුරකථන යෙදුම් හේතුවෙන් අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් ඒවා හරහා ඔත්තු බැලීමේ කටයුතුවල චීනය නිරතවන බවටත් චෝදනා කරමිනුයි අමෙරිකාව ඒවාට එරෙහිව ඇතැම් ක්‍රියවලි අනුගමනය කරන්නේ.

මෙහි තවත් සුවිශේෂී දිගුවක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ චීන ජනාධිපතිවරයා රුසියාවේ ජනාධිපති හමු වූ බවට ප්‍රචාර පළ වීමත් සමග රුසියාව විසින් අමෙරිකානු නිෂ්පාදනයක් වන ඇපල් දුරකථන තහනමකට ලක් කරන බවට ප්‍රකාශ කිරීමයි.

ඇපල් දුරකථන භාවිතා කරන්නේ නම් ඒවා ඔවුන්ගේ කුඩා දරුවන්ට ලබා දෙන ලෙසට හෝ විසි කර දමන ලෙසටයි රුසියාවේ ආරක්ෂක නිලධාරීන්ට පුටින් උපදෙස් ලබා දී ඇත්තේ.

ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ ඇපල් දුරකථන හරහා එහි ඇතුළත් උපාංගවල දත්ත බටහිර ඔත්තු සේවා ආයතනවලින් ලබා ගැනීමේ අවදානමක් පවතින බවයි.

චීනයේ Tiktok යෙදුම තහනම් කිරීමට අමෙරිකාව යොදාගත්තේ ද මෙම චෝදනාවට සමාන එකක් වීම විශේෂත්වයක්.

එසේම අමෙරිකාව එම තීරණය ගැනීමත් සමග, අමෙරිකාවට පක්ෂපාති රටවල් රැසක්ම Tiktok තහනම් කිරීමට පියවර ගන්නා බවට විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කර තිබුණා.

එසේම චීනයට එරෙහිවන අමෙරිකාව, රුසියා – යුක්‍රේන යුද්ධය හමුවේ යුක්‍රේනයට සහය දක්වන අතර එවන් පසුබිමක චීන ජනාධිපති, රුසියානු ජනාධිපති හමු වීමට යාම අමෙරිකාවට සිදුකරන වක්‍ර තර්ජනයක් විය හැකියි.

ඒ සමගම චීනයට රිදවීමේ අරමුණින් ජපාන අගමැති හදිසියේම යුක්‍රේනයට යැවීම අමෙරිකාව විසින් සිදු කළ “එකට එක කිරීමක් ” හෙවත් වක්‍ර තර්ජනයක් වීමේ හැකියාවක් ද පවතිනවා.

එසේම එකිනෙක පරයා යමින් යුද ශක්තිය සහ ආර්ථික ශක්තිය පෙන්වීමට ලෝකයේ බලවත් යැයි කියාගන්න මෙම රටවල් සිදු කරන මෙවැනි ක්‍රියා හේතුවෙන් අහිංසක ජිවිත දහස් ගණනක් මියැදෙනවා පමණක් නොව තවත් ලෝක යුද්ධයකට එනම් තුන්වන ලෝක යුද්ධයකට මුල පිරීමේ හැකියාවක් ද පවතිනවා…

Share This