චීන ප්‍රහාරක යානා 19 ක් ගුවන්ගත වෙයි – ජාත්‍යන්තරයට රතු එළි දැල්වෙයි

චීන ප්‍රහාරක යානා 19 ක් ගුවන්ගත වෙයි – ජාත්‍යන්තරයට රතු එළි දැල්වෙයි

චීනයේ ප්‍රහාරක යානා 19 ක් ගත වූ පැය 24 ක කාලයක දී සිය ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

J-10 ප්‍රහාරක යානා 19 ක් දිවයිනේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ නිරිතදිග කෙළවරට පියාසර කර ඇති බවට හඳුනාගෙන ඇති බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

තායිවානය තමන්ගේම භූමි ප්‍රදේශයක් ලෙස චීනය සළකන අතර සිය ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බැවින් දිවයින ආසන්නයේ චීන හමුදා ක්‍රියාකාරකම් වේගවත් කිරීම පිළිබඳව පසුගිය වසර තුනකට අධික කාලයක් පුරා තායිවාන රජය විසින් ජාත්‍යන්තරයේ ද අවධානයට යොමු කර තිබුණා.

කෙසේවෙතත් චීනය මේ සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දක්වා නොමැති අතර තායිවානය සිදු කරන ප්‍රකාශයන්ට අප්‍රසාදය පළ කිරීම සඳහා චීනය විසින් බොහෝ විට මෙවැනි මෙහෙයුම් දියත් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

Share This