චීන යාත්‍රාවක් අනතුරක

චීන යාත්‍රාවක් අනතුරක

චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරලී ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු, චීන ජාතිකයින් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් 5 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් සියලු දෙනාම අතුරුදන්ව සිටින අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස චීන ජනාධිපති Xi Jinping උපදෙස් ලබා දී තිබෙනවා.

අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක මුදාගැනීමේ කණ්ඩායම් යාත්‍රාව අනතුරට ලක්වූ ස්ථානය වෙත පැමිණ ඇති බව සඳහන්.

එමෙන්ම අදාළ මෙහෙයුම් සඳහා සහය වීමට චීන යාත්‍රා 2ක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This