
චීන යුරෝපා වෙළෙඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය
චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළෙඳ සහන සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබෙනවා.
චීන වාණිජ්‍ය අමාත්‍ය Wang Wentao මහතා, යුරෝපා සංගමයේ වෙළෙඳාම හා ආර්ථීක ආරක්ෂක කමිටුවේ කොමසාරිස් Maros Sefcovic මහතා සමග පසුගියදා පැවති හමුවක දී මෙම එකඟත්වය පළ වූ බවයි සඳහන් වන්නේ.
චීන-යුරෝපා ආර්ථීක වෙළෙඳ සහයෝගිතා ශක්තිමත් කිරීම මෙන්ම ඇමරිකාවේ ඊනියා‘අන්‍යෝන්‍ය තීරුබදු’පැනවීමට මුහුණ දීම පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයෝ එහිදී අවංකව අදහස් හුවමාරු කර ගෙන තිබීම සාධනීය තත්ත්වයක් බව සඳහන්.
වත්මන් තත්ත්වය යටතේ රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය චීනය හා යුරෝපය පොදුවේ සුරක්ෂිත කරන බවත් එහිදී චීනය හා යුරෝපය අතර නිදහස් හා පහසු වෙළඳ ක්‍රමයක් අනුගමනය කිරීම ලෝක ආර්ථිකයට හා ගෝලීය වෙළෙඳාමට වඩාත් වැඩි ස්ථාවරත්වයක් හා නිශ්චිතභාවයක් ලබා දෙනු ඇති බවත් Wang Wentao මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකාව ඊනියා‘අන්‍යෝන්‍ය තීරුබදු’පැනවීම ජාත්‍යන්තර වෙළඳාමට බරපතල පහර දීමක් බවත්, ඉන් යුරෝපයට, චීනයට මෙන්ම දුර්වල රටවලට දරුණු බලපෑම් එල්ල වූ බවත් Maros Sefcovic මහතා මෙහිදී සඳහන් කළා.
එබැවින් චීනය ඇතුළු ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයන් සමඟ එක්ව ගෝලීය වෙළඳාමේ නිසි ක්‍රියාත්මක කිරීම පොදුවේ සුරක්ෂිත කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
ඒ අනුව චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළෙඳ සහන සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම, වෙළඳාමේ හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙන්ම වෙළඳ ගැටළු නිසි ආකාරයෙන් විසඳා ගැනීමට ද දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණ තිබෙනවා.
එහිදී ලෝක වෙළෙඳ සංවිධානයේ රාමුව තුළ අදහස් හුවමාරු ශක්තිමත් කරමින් එම සංවිධානයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද දෙපාර්ශ්වයම පොළඹවනු ඇති බවයි පැවසෙන්නේ.
තවද ලෝක වෙළෙඳ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහතික කරන බවද එහිදී ප්‍රකාශ වී තිබෙනවා.