චීන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් චීනයේ රුසියානු තානාපති හමුවෙයි

චීන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙක් චීනයේ රුසියානු තානාපති හමුවෙයි

ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා චීන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු චීනයේ රුසියානු තානාපතිවරයා හමුවූ බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

චීනයේ විදේශ අමාත්‍යාංශයේ විදේශ කටයුතු සහ ආරක්ෂක කටයුතු පිළිබඳ කොමසාරිස් Cheng Guoping, රුසියාවේ Andrey Denisov හමුවී ද්විපාර්ශ්වික ත්‍රස්තවාදයට එරෙහි සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව එම නිවේදනයේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රුසියාවට මිලිටරි උපකරණ සැපයීමට චීනය සෘජුවම සහාය වන්නේ නම්,  ඒ මත  “පිරිවැය පැටවීමට පසුබට නොවන” බව එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා

Share This