චීන විදේශ ඇමති ධුරයෙන් ඉවතට

චීන විදේශ ඇමති ධුරයෙන් ඉවතට

චීනය විසින් ඔවුන්ගේ විදේශ අමාත්‍ය Qin Gang එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

මීට මාස 7කට පමණ පෙර ඔහු එම තනතුර සඳහා පත් කළ අතර පසුගිය 25 වනදා බීජිං හිදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඔහු අතුරුදන්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එම හමුවෙන් පසුව ඔහුව ප්‍රසිද්ධියේ දැකගන්නට නොසිටි බවයි චීන රජය සඳහන් කර තිබෙනවා.

Qin Gang අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් එරට බලධාරීන් විසින් නිශ්චිතව තොරතුරු අනාවරණය කර නොමැති බව සඳහන්.

ඒ අනුව Qin Gang ධුරයෙන් ඉවත් කර ඇති අතර හිටපු විදේශ අමාත්‍ය Wang Y නැවත චීනයේ විදේශ අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා

Share This