චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බවයි

ඒ අනුව චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය කෙරෙනවා

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්‍ශ‍ෙන් මහතා එම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා

 

 

 

 

 

 

Share This