චීන සිරගෙවල්වලින් පිටුවහල් කරන ලද උතුරු කොරියානුවන් 600කගේ තොරතුරු නැහැ

චීන සිරගෙවල්වලින් පිටුවහල් කරන ලද උතුරු කොරියානුවන් 600කගේ තොරතුරු නැහැ

චීන සිරගෙවල්වලින් පිටුවහල් කරන ලද උතුරු කොරියානුවන් වධහිංසාවලට මුහුණ දෙන බවට ක්‍රියාකාරීන් අනතුරු අඟවා තිබෙනවා

ක්‍රියාකාරීන් පවසන්නේ චීනයෙන් පිටුවහල් කළ දා සිට පලාගිය උතුරු කොරියානු පුද්ගලයන් 600ක් දක්වා ප්‍රමාණයකින් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

ඒ අතර වැඩි වශයෙන් කාන්තාවන් සිටින බවටයි විශ්වාසය පළ කර තිබෙන්නේ

ඊයේ (07) සෝල් නුවර පදනම් වූ මානව හිමිකම් කණ්ඩායමක් රැඳවියන් සොයා බලමින් කියා සිටියේ බලහත්කාරයෙන් ආපසු යැවීමෙන් පසු උතුරු කොරියානුවන් 600 ක් පමණ අතුරුදහන් වී ඇති බවට ඔවුන්ද විශ්වාස කරන බවයි.

මේ අතර සන්නිවේදනය සැමවිටම දුෂ්කර බව සඳහන් කරමින්, ආපසු පැමිණි කිසිදු රැඳවියෙකු සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට නොහැකි වූ බව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ක්‍රියාකාරීන් පවසනවා

පිටුවහල් කිරීම් පිළිබඳව චීන රජය ප්‍රසිද්ධියේ කිසිදු පිළිගැනීමක් කර නැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

Share This