චීනය කොවිඩ් ව්‍යාප්තියේ දත්ත ප්‍රකාශයට පත් කරයි

චීනය කොවිඩ් ව්‍යාප්තියේ දත්ත ප්‍රකාශයට පත් කරයි

Covid-19 පැතිරීම හා සම්බන්ධ චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් වසර තුනකට පෙර ලබාගත් සාම්පල විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Huanan මුහුදු ආහාර සහ වනජීවී වෙළඳපොළ කොරෝනා වයිරසයේ මූලාරම්භය සෙවීමේ කේන්ද්‍රස්ථානය කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් මෙය 2020දී එම වෙළඳපොලෙන් එකතු කරන ලද ජීව විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ පළමු අධ්‍යයනය වනවා.

වෙළඳපොලේ විකුණන සතුන් සමග වෛරසය සම්බන්ධ කිරීමෙන්, එය ව්‍යාප්ත වීම ආරම්භ වූ ආකාරය පිළිබඳ නව විමර්ශන මාර්ග විවෘත කළ හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ.

වෛරසවල ධනාත්මක බව පරීක්‍ෂා කළ swabවල වන සතුන්ගෙන් ජානමය ද්‍රව්‍ය ද අඩංගු බව පර්යේෂණයෙන් හෙළි කරගෙන තිබෙනවා.

සමහර විද්‍යාඥයන් පවසන්නේ මෙම පරීක්ෂාවෙන් රෝගය මුලින් ආසාදිත සතෙකුගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ බවට නිගමනයකට එළඹිය හැකි බවයි.

සාම්පලවල ජානමය අන්තර්ගතය ප්‍රසිද්ධියට පත් කිරීමට වසර තුනක් ගත වූයේ මන්දැයි පිළිබඳව තවමත් අවබෝධ කරගැනීමට නොහැකි බව සාම්පල පිලිබඳව සෙවිල්ලෙන් පසුවන විදෙස් පර්යේෂකයින් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් වෛරසය වුහාන්හි රසායනාගාරයකින් අහම්බෙන් කාන්දු වූ බවට වන චෝදනාව මත තවත් න්‍යායක් කේන්ද්‍රගත වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This