චීනය කෝවිඩ් නීති ලිහිල් කරයි

චීනය කෝවිඩ් නීති ලිහිල් කරයි

පැවති මහජන විරෝධතාවලින් පසු කොවිඩ් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එරට තුළ දෛනිකව කෝවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින පසුබිමකයි මෙලෙස සීමා කිරීම් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් චීන උප අගමැති නිවේදනය කර ඇත්තේ රට නව තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

Share This