චීනය දූපත් තුනක බලය නංවයි
අයිතිය සම්බන්ධයෙන් ආන්දෝලනයකට ලක්ව ඇති දකුණු චීන මුහුදේ දූපත් තුනක යුද ශක්තිය ඉහළ නැංවීමට චීනය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඇමරිකානු නාවික හමුදාවේ ඉන්දු පැසිෆික් කලාපය භාර අණදෙන නිලධාරී අද්මිරාල් ජෝන් සී ඇකියුලිනෝ පවසන්නේ අදාළ දූපත් තුනේ චීනය විසින් නවීන අවිආයුධ රැසක් ස්ථාපනය කර ඇති බවයි.
නැව් සහ ගුවන් යානා නාශක මිසයිල, ප්‍රහාරක යානා මෙන්ම සබදතා අක්‍රීය කිරීමේ උපකරණද මෙම දූපත් තුනේ ස්ථාපිත කර ඇති බව ඔහු අනාවරණය කර තිබෙනවා.
මෙම ක්‍රියාකාරකම් අදාළ දූපත්වල යුද ක්‍රියාකාරකම් සිදු නොකරන බවට චීනය ලබාදී ඇති පොරොන්දුව කඩකිරීමක් බවයි ඇමරිකානු හමුදා ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර චීනය මෙතෙක් මෙම චෝදනාව සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක් සිදු කර නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.