චීනය බලවතුන් දෙදෙනෙකු ඉවත් කිරීමට හේතුව තවමත් රහසක්

චීනය බලවතුන් දෙදෙනෙකු ඉවත් කිරීමට හේතුව තවමත් රහසක්

චීනයේ කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රශ්න නිර්මාණය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ චීන ජනාධිපති සී ජින්පින් විසින් එරට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු තනතුරුවලින් පහ කිරීම හමුවේ ඒ බව අනාවරණ වන බවයි.

විදෙස් වාර්තාවලට අනුව චීන ජනාධිපතිවරයා විසින් එලෙස නෙරපා හැර ඇත්තේ චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව අධීක්‍ෂණය කිරීම සඳහා වගකිව යුතු ප්‍රමුඛ නිලධාරීන් දෙදෙනෙකු වන ජෙනරාල් ලී යුචාඕ සහ දේශපාලන කොමසාරිස් Xu Zhongbo යි.

එය මෑතකාලීනව චීනයේ සිදුවූ ප්‍රධානම දෙදරා යෑමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

එම නිලධාරීන් ඉවත් කිරීම චීනය තුළ ගැටළු රැසක් ඇති කර තිබෙන නමුත් එලෙස පහ කිරීමට හේතු කුමක්ද යන්න තවමත් රහසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොමියුනිස්ට් පක්ෂය විසින් නියෝජ්‍ය නාවික හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් වැන්ග් හූබින් නව අණ දෙන නිලධාරියා ලෙස පත් කර ඇති අතර ලද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභූ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන ෂු ෂිෂෙන්ග් දේශපාලන කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා.

එහෙත් එම නිලධාරීන් අදාළ තනතුරු සඳහා සුදුස්සන් ද යන්න සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරය තුළ කතාබහක් මතු වෙමින් ඇතැයි ද සඳහන්.

පාලන තන්ත්‍රයේ මෙවැනි තීරණ මගින් චීනයට ඉදිරියේදී අමෙරිකාව වැනි න්‍යෂ්ටික බලවතුන්ට මුහුණ දීමේදී අර්බුධ නිර්මාණය කරනු ඇතැයි විචාරකයන් පවසනවා.

Share This