චීනය ,රුසියාවට ආධාර කළහොත් සිදුවිය හැකි දේ ගැන එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීමක්

චීනය ,රුසියාවට ආධාර කළහොත් සිදුවිය හැකි දේ ගැන එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී චීනය ,රුසියාවට ආධාර කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව  එක්සත් ජනපදය පවසන බව  විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පවසා තිබෙන්නේ මෙම ඉල්ලීම පිළිබඳව තමන් නොදන්නා බවයි.

එක්සත් ජනපදයේ සහ චීනයේ ඉහළ නිලධාරීන් අතර අද (14)  රෝමයේ පැවැත්වෙන රැස්වීමකට පෙර මෙම අනතුරු ඇඟවීම පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ

කෙසේ වෙතත්, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් එරට දේශීය මාධ්‍ය ආයතන පවසා තිබෙන්නේ රුසියාව පසුගිය දිනවල විශේෂයෙන් චීනයෙන් ඩ්‍රෝන යානා ඇතුළු හමුදා උපකරණ ඉල්ලා ඇති බවයි.

එම ඉල්ලීමට චීනයේ ප්‍රතිචාරය නොදන්නා බවත් සඳහන් කර තිබෙනවා

 

Share This