චීනය සමග එක්වී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වයි

චීනය සමග එක්වී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වයි

උතුරු කොරියාව, චීනය සහ රුසියාව ඔවුන් සතු එකමුතු බව ඉකුත් දා ලොවට පෙන්නුම් කළා.

මේ සඳහා චීනයේ සහ රුසියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ද සහභාගී වුණා.

ඔවුන්ට උතුරු කොරියාවේ දී හිමිව තිබුණේ ඉහළ පිළිගැනීමක්.

මේ අතර එදින උතුරු කොරියාව සිය යුද සහ න්‍යෂ්ටික ශක්තිය ද යළි ලොවට විදහා දැක්වූවා.

ඒ සඳහා විශේෂ හමුදා පෙළපාලියක් පැවැත්වුණා.

මීට පෙර පැවැති හමුදා පෙළපාලිවලට සාපේක්ෂව මෙවර විශේෂත්වයක් වූයේ උතුරු කොරියාව සිය හමුදාව සතු ඔත්තු බැලීමේ සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා ප්‍රදර්ශනය කිරීමයි.

එහිදී වර්ග දෙකකින් යුත් ප්‍රහාරක ඩ්‍රෝන යානා උතුරු කොරියාව විසින් ප්‍රදර්ශනයට එක් කර තිබුණා.

ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ එම ඩ්‍රෝන යානා අමෙරිකාව සතු ග්ලෝබල් හෝක් සහ රීපර්ස් ඩ්‍රෝනවලට සමාන බවයි.

Share This