චීනයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

චීනයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

දකුණු චීන මුහුද හරහා යුද නෞකාවක් ගමන් කරවීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

චීන මහජන හමුදාවෙි දකුණු කලාපයේ අණදෙන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ යූඑස්එස් බෙන්ෆෝල්ඩ් නම් මිසයිලනාශක නෞකාව චීනයේ ෂීසා මුහුදු කලාපයට නීති විරෝධී ලෙස ඇතුළු වී ඇති බවයි.

ඒ සඳහා චීන රජයේ පූර්ව අවසරයක් ලබා නොගත් බැවින් එම නෞකාව වහා ඉවත් කරගන්නා ලෙස නියෝග කළ බව චීන බලධාරීන් සඳහන් කරනවා.

ඇමරිකාව විසින් සිදුකරන මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියා බරපතල කරුණු ලෙස සළකන බවයි චීන ආරක්ෂක බලධාරීන් වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ⁣වෙතත් ඇමරිකාව චීනයේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඇමරිකානු නාවික හමුදාව සදහන් කරන්නේ අන්තර්ජාතික නීතිය මගින් ඉඩදී ඇති ඕනෑම කලාපයක පියාසැරීමටත් ,යාත්‍රා කිරීමටත් ඕනෑම රටකට අයිතිවාසිකම් පවතින බවයි.

Share This