චීනයෙන් චන්ද්‍රිකා දහතුන්දහසක්

චීනයෙන් චන්ද්‍රිකා දහතුන්දහසක්

කුඩා පරිමාණයේ චන්ද්‍රිකා දහතුන්දහසක් කක්ෂගත කිරීමට චීනය සූදානම්වනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එහි ප්‍රමුඛ අරමුණ ලෙස සදහන්ව ඇත්තේ, චීනය මෙන්ම ලෝකයේ අනෙක් රටවලටත් 5G අන්තර්ජාල තාක්ෂණය ලබාදීමයි.

විශේෂයෙන්, චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින සන්නිවේදන ගැටලුවලට විසඳුම් ලබාදීමට මෙම ව්‍යාපෘතිය ⁣යොදාගන්නා බව සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනටමත් ලෝකයේ ඇතැම් ආරක්ෂක විශේෂඥයන් විසින් අනතුරු අඟවා ඇති බව ඩේලිමේල් වාර්තාවක සඳහන් වනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ චීනය මේ ⁣හරහා සමස්ත ලෝකයම ආවරණය වන පරිද දැවැන්ත ඔත්තු බැලීමේ වැඩසටහනක් පවත්වාගෙන යා හැකි බවයි.

පෘථිවියේ මතුපිටට සැතැපුම් සියගණනක් ආසන්නයෙන් මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීම තුළ එහි ඉහළ ආරක්ෂක අවදානමක් ඇති බව ද විශේෂඥ මතය වී තිබෙනවා

 

Share This