චීනයෙන් ලැබුණු රුපියල් මිලියන 30ක හදිසි ගංවතුර සහනාධාර

චීනයෙන් ලැබුණු රුපියල් මිලියන 30ක හදිසි ගංවතුර සහනාධාර

චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

පසුගියදා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා එම මුදල පරිත්‍යාග කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

Share This