චීනයේ Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන මෙහෙයුම සාර්ථකයි

චීනයේ Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන මෙහෙයුම සාර්ථකයි

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින Shenzhou-19 ගගනගාමීන්ගේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සිදු කෙරෙන බව දැනුම් දී තිබෙනවා.

Cai Xuzhe, Song Lingdong, Wang Haoze යන ගගනගාමීන් තාක්ෂණික උපකරණ සහයෙන් ගොඩබිමේ සිටින විද්‍යා හා තාක්ෂණ කාර්ය මණ්ඩලය සමග සාමූහික ව එම මෙහෙයුම් සම්පූර්ණ කළ බවයි වාර්තා වන්නේ.

පැය අට හමාරක පමණ කාලයක් පුරා මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආශ්‍රිත ව අදාළ පහසුකම් පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති‍ කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ලබන 29 වැනි දා යෙදෙන චීනයේ සාම්ප්‍රදායික නව වසර සැමරීම ද මෙම ගගනගාමීන් අභ්‍යවකාශ යානයේ සිට සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Share This